Thursday, 16 August 2012

මේ මම

නම ගයාන්.. ඉන්නේ කුරුණෑගල.. මලියදේව කොලේජ් එකේ ස්ටඩි කරපු කොල්ලෙක්.
ගය්යා කියපුවහම ගොඩක්
ය දන්නවා. එත් ඉතින් හැම ගයාන්ම ගය්යා හින්ද මට වෙනම කාඩ් එකකුත් තියෙනවා. එක මෙතනට ඕනේ නැහැ. මොකද ඒ කාඩ් එක කීව ගමන්ම මාව අඳුනගන්නවා. එතකොට බ්ලොග් නෙමෙඉ දාන්න වෙන්නේ බෙල්ලේ වැල.

බ්ලොග් ලියන එක මට හරිම අලුත්. මොකද මම IT ගැන ඉගෙනගෙන නැහැ. සිරා බ්ලොග් ටිකක් කියෙව්වට පස්සේ මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියල බලන්න.
හැබැයි ඉතින් අනිත් අය ලියන නිසා මමත් ලියනවා නෙමෙයි. ටිකක් ලියල බලනවා හොඳයි කියල හිතුනොත් දිගටම ලියනවා නැත්නම් අල්ලලා දාලා නිකන් ඉන්නවා. ගොඩක් කල් ඉඳන් සිංහලෙන් ලියන බ්ලොග් කියවල තමයි මමත් මේ එකක් ලියන්න පටන්ගත්තේ.

මම ලියන ඒවගේ අඩුපාඩු තියෙනවනම් පොඩ්ඩක් කියල දෙන්න හොඳේ..